Constants හදන්න ඉගෙනගමු ?

මේ පොස්ට් එක ගොඩක් ඕනෑකමින්ලියන්න මට උවමනා කම තිබුනා. මොනවාද මේ Constants කියන්නේ කියන එක ගැන.

මුලින්ම වචනේ තේරුම විදියට ගත්තොත්, Constant කියන්නේ, ස්ථිර භාවයක් හගනව්න වචනයක්නේ නේද? PHP වලදීත් මේක මේ විදියටම යෙදෙනවා. අපි බලමු ඒ කොහොමද කියලා.

ඔබට  අවශ්‍ය නම් මුළු program එක පුරාම, එකම value එකක් පෙන්වන යම් අගයක් store කරලා තබාගන්න එකට ඔබට Constant භාවිතා කල හැකි වනවා.




ඉහත පින්තුරය බලන ඔබට තේරෙනවා ඇති, තරමක් දුරට හරි කොහොමද PHP Constant එකක් declare කිරීම කරන්න පුළුවන් අකාරය. එය ඇත්තෙන්ම සරලින් පහල දක්වා තියනවා.

<?php define(" කොන්ස්ටන්ට් නම"  ,එහි අගය);>

මෙහි constant name එක ලබා දිය යුතු අකාරය ගැන කතා කිරීමේදී එය String එකක් ලෙස එනම් double quotes තුල ලබාදෙන්න. වැදගත් දෙයක් තියනවා. මෙහිදී ඔබට uppercase හරි lowercase හරි දෙකෙන් ඕනෑම එකක් භාවිතා කිරීමේ නිදහස තියනවා. නමුත් හදුනා ගැනීමේ පහසුව සලකා, මම uppercase letter භාවිතා කල බව සලකන්න.

මෙමඋදාහරණය බලන්න.

<?php
define("DOLLARVAL",128.12);

print_r(DOLLARVAL);
?>

හොදයි, ඔබට පේනවා ඇති මුලින්ම නමත්, දෙවනුව, අගයත් ලෙස අප මෙහි parameters වලට values pass කල අකාරය. හොදට මතක තබා ගන්න ඔබ PHP Variables declare කිරීමේදී අනුගමනය කල නීති රීති මෙහිද අනුගමනය කිරීම කල යුතුවනවා. නමුත් $ භාවිතය මෙහි කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැ.


<?php
define("DOLLAR VAL",128.12);

print_r(DOLLAR VAL);
?>   

මෙම උදහරණයේදී, Programmer ට වැරදීමෙන් DOLLAR සහ VAL අතර හිස්තැනක් වැටී තියෙන අතර මෙම වැරැද්ද නිසා ඔහුගේ Output එකේ  PHP Error එකක් පෙන්නනු ලබනවා.


 මේනිසා මතකඇතුව ඔබ Variable declaration වලට් අනුගමන කල පිළිවෙත් මතක තබා ගන්න.ආ ඒවගේම PHP keywords මග හරින්න. නැතිනම්, ඔබට හදුනා ගත නොහැකි ලෙඩ ඔබේ program එකේ ඇතිවන්න පුළුවන්.උදාහරණය බලන්න.

<?php
define("ECHO",128.12);

print_r(ECHO);
>   

කිසිම විවාදයකින් තොරවම මෙය errors පෙන්වනවා. echo යන්න PHP Keyword එකක් බව මතක ඇති. Constant භාවිතා කර කල සාර්ථක program එකක් පහළ දැකගන්න පුළුවන්.

<?php
define("US_DOLLAR",128.12);

print_r(US_DOLLAR);

$perce = .0123;
$amt = 10500;
$final =($amt-($amt * $perce))*US_DOLLAR;

echo "Amout of Money In LKR ".$final;
?>   

Comments