හොදයි. ඔබ මිට ඉහත පලවූ ‘PHP Syntax’ වලට
මුලපුරමු ලිපිය කියවා ඇතියි සිතනවා. එහි සදහන් වූ ‘echo’ Statement එක ගැන
තවදුරටත් මෙහිදී විමසා බලමු.
PHP වලදී ‘echo’ Statement එක output statement එකක් ලෙස සලකනවා. එයට හේතුව බොහෝ විට PHP වලදී ඔබට යමක output එකක් print කරගැනීම සිදු කල යුතු වන්නේ, මෙම ‘echo’ statement එක හරහායි. අපි උදාහරණ කීපයක් විමසා බලමු.
PHP වලදී ‘echo’ Statement එක output statement එකක් ලෙස සලකනවා. එයට හේතුව බොහෝ විට PHP වලදී ඔබට යමක output එකක් print කරගැනීම සිදු කල යුතු වන්නේ, මෙම ‘echo’ statement එක හරහායි. අපි උදාහරණ කීපයක් විමසා බලමු.
| PHP ක්‍රමලේඛණ | වෙබ් පිටුවක දී |
| echo “<i>Hello World</i>” | Hello World |
| echo “<b>Hello World</b>“ | Hello World |
| echo “Hello”; echo “World”; | HelloWorld |
| echo “Hello<br>World”; | HelloWorld |
| echo “Hello”.”World”; | HelloWorld |
හොදයි, ඉහත උදාහරණ වලින් ඔබට පෙනෙනවා ඇති echo statement එක භාවිතා කර
ඔබගේ වෙබ් පිටුවේ යමක දරශනය කරන අකාරය හා විශේෂයෙන්ම ඔබම උනන්දුවෙන් ඉහත
table එක බැලුවා නම ඔබට පෙනෙනවා ඇති PHP codes තුලදී HTML tags ද භාවිතා වී
ඇති අකාරය.
එමෙන්ම, මතක තබා ගන්න. ඔබට echo statement එක භාවිතයෙන් කුමන හෝ text
value එකක් output එක ලෙස print කිරීමේදී, ” ” Double Quotes තුල එය සිදු
කිරීමට සිදුවනවා. නමුත්, Numerical value එකක් print කිරීමේදී එය අවශ්‍ය
වන්නේ නැ. පහත උදාහරණය විමසා බලන්න.
<html> <head> <title>PHPINSINHALA | This is PHP echo</title> </head> <body> <?php echo 123.212; ?> </body> </html>
තවත් දැනගත යුතු කරුණක් තමයි, echo statement එකක් ලිවීමේදී text සහ numeric value දෙකක් එකවර භාවිතා කිරීමට සිදු වුනොත්, පහත ආකාරයට සිදු කල හැකි වනවා.
<html> <head> <title>PHPINSINHALA | This is PHP echo</title> </head> <body> <?php echo 123.212."Hello World!"; ?> </body> </html>

Comments
Post a Comment