ඔබ දන්නවද? සමහර වෙලාවට එක Programming Problem එකක් ගැන හිත හිත ඉන්නකොට එකපාරටම අපිට හොද අදහස් ගලාගෙන එනවා. ඒ අදහස් ගලපා අපි හොද Code එකක් ලියනවා.
නමුත්, කලක් ගියාම අපිට මේ code එක ආපසු භාවිතා කරන්න වුන වේලාවකදී, පොඩ්ඩක් හිතන්න, මේ code එක අපිද ලිවුවේ කියලා විශ්වාශ කරන්න බැරි තරමට අපිට එක අමතක වෙලා. මේකට දෙන්න පුළුවන් විසදුම PHP Syntax තුලම තියනවා.
එය තමයි, Comments භාවිතා කිරීම. අපි මේ ලිපියෙන් බලමු, PHP වල සරලව Comments කරන අකාරය. මුලින්ම , Comment කිරීම ගැන කියනවා නම්, අපිට ඇත්තටම Comments අවශ්‍ය වන්නේ, අපි ලියන ලබන ඕනෑම Programming Language එකක Code එක පසු කලෙක, අවබෝධය පහසුවනු පිණිසයි. එය සැකෙවින්, විස්තර සදහන් කිරීමකට සමානයි.
PHP Syntax වල Comments කරන ආකාර 2 ක් තියනවා.
1. දීර්ඝ Comments . (Long Comment Format)
මෙය ඉතාමත් සරලයි. අවශ්‍ය වුනොත් ඔබට වැඩි පේලි ගනනක් දිග Comment එකක් කිරීමට, මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්.පහත උදාහරණය බලන්න.
<?php
echo "Welcome to PHPInSinhala";
/*
Programmer Name : Harsha
Description : Brief Explanation about PHP Commenting
Location : phpinsinhala.blogspot.com
*/
echo "Hello World!";
?>
දැන් ඔබට අවබෝධවනවා ඇති, මෙම ආකාරයට ඔබට වැඩි පේලි ප්‍රමාණයක් පුරා ඔබේ Comment එක ලිවිය හැකි බව.ඒ සදහා, ඔබට /* ආරම්භක අවස්ථාවේත්, */ අවසාන කිරීම සදහාත් යොදා /* */ ඇතුලත ඔබේ Comment එක ඇතුල් කරන්න. අවශ්‍ය විට Lines අලුතෙන් ලබා ගැනීමත් කරන්න පුළුවන් සාමාන්‍ය පරිදි Enter Key එක Press කිරීමෙන්.
2. කෙටි Comments. (Short Comment Format)
මෙසේ, කෙටියෙන් Comment කරන ආකාර කීපයක් තිබෙනවා. පහත උදාහරණය තුල එම ආකාර කීපයම ඇතුලත් කර තියනවා.
ඉහත උදාහරණය බැලීමේදී,මුලදී මෙන්ම, /**/ තුල Comment එක Type කිරීමත්, එය එකම line එකකට සිමා කිරීමත් විශේෂ වනවා. තවද, එක line එකකට සිමා වන Comment සදහා, // සහ # ත් භාවිතා කරන්න පුළුවන් බව මතක තබා ගන්න.
ඉතා හොදින් මතක තියාගන්න, /* , // හෝ # එක type කිරීමෙන් පසු ඇතුලත් වන සියලුම lines, Comments ලෙස පමණක් සලකා interpret කිරීමට ඔබේ Web Server එකතුල ඇති, PHP plugin එක ක්‍රියා කරනවා.
<?php
/*This line is a comment*/
echo "Hello World!";
//This line is a comment
echo "This is a Code Line";
#This line is a comment
echo "This is a Code Line"; // This is comment
?>
ඉහත උදාහරණය බැලීමේදී,මුලදී මෙන්ම, /**/ තුල Comment එක Type කිරීමත්, එය එකම line එකකට සිමා කිරීමත් විශේෂ වනවා. තවද, එක line එකකට සිමා වන Comment සදහා, // සහ # ත් භාවිතා කරන්න පුළුවන් බව මතක තබා ගන්න.
ඉතා හොදින් මතක තියාගන්න, /* , // හෝ # එක type කිරීමෙන් පසු ඇතුලත් වන සියලුම lines, Comments ලෙස පමණක් සලකා interpret කිරීමට ඔබේ Web Server එකතුල ඇති, PHP plugin එක ක්‍රියා කරනවා.

Comments
Post a Comment