PHP Syntax වලට මුලපුරමු ?

විශ්වාශ කරනවා ඔබ දැනටමත් HTML පිළිබද මුලික දැනුමක් ඇති කියලා.  ඔබට‍ මතකද ? පොඩ්ඩක් මතක කරලා බලන්න. ටිකක් හිරවෙලා වගේ නම් මෙන්න මෙහෙමයි HTML වල මුලිකව වෙබ් පිටුවකට අදාළ සැකසුම් සකස් කරන්නේ.



<html>
<head>
<title>This is HTML File</title>
</head>
<body>
Type Your Document Body Here
</body>
</html>

PHP වල Syntax වලත් පෙනුම මේ අකාරමයි. HTML වගේම < වලින් අරඹා > වලින් නිම වනවා. නුමත් විශේෂයකට තියෙන්නේ <? ලෙස ආරම්බය ගැනීම හා ?> ලෙස නිම වීමයි. පහල උදාහරණය බලන්න.

<?php
//Type Your PHP Syntax Here
?>

හොදයි, දැන් ඔබට මොනවහරි අදහසක් ඇති මේක සිදුකරන අකාරය ගැන. ඒවගේම විශේෂම දෙය තමා ඔබට අවශ්‍ය වෙලාවලදී ඔබගේ HTML File එක තුළටත් මෙම PHP Syntax ඔබට රිසි සේ ඇතුල් කිරීමේ හැකියාව තිබෙනවා. උදාහරණය බලන්න.

<?php /*Your PHP Code Here*/ ?>
<html>
<head>
<title></title>
</head>
<body>
<?php /*Your PHP Code Here*/ ?>
</body>
</html>

එපමණක් නොවේ, ඔබට අවශ්‍යය වෙලාවලදී PHP Syntax තුලට HTML ඇතුලත් කරන්නත් පුළුවන්. ඉදිරි උදාහරණ වලදී ඔබට මේවා දකින්න පුළුවන් වේවි. ඒවගේම, ඉතාම හොදින් මතක තබාගන්න ඔබට ඔබේ file එක save කරන විට අනිවාර්යෙන්ම එහි file extension එක ලෙස .php ලබා දිය යුතුම වනවා.

Comments

  1. හොදයි හොදයි! දිගටම කරගෙන යන්න මල්ලි.

    ReplyDelete

Post a Comment