ටික කාලෙකට පස්සේ ඔන්න අලුත් ලිපියක් ලියන්න ඕනෑ කියලහිතුනා. මේක ඇත්තට PHP වලට තවත් වැදගත් කොටසක් පිලිබදවයි. ඒ PHP Variables ගැන.
මොනවාද මේ Variables කියල කියන්නේ කියල බලමු. සරලින්ම කියනවා නම්, Variables කියල කියන්නේ, කිසියම් information එකක් ඒ කියන්නේ තොරතුරක් ගබඩා කරන්න පාවිච්චි කරන Container එකක් වැනි යමක්.
ඔබ දැනටමත් දන්නවා ඇති, PHP කියන්නේ Loosely Typed Language එකක් කියලා. ඉතාම සරලින් කියනවා නම් Loosely Typed Language එකක, Typing Rules ඉතා පහල තැනක පවතිනවා, එනිසා බොහෝ විට Programmer ට Type Conversions වගේ වැඩ Compiler එකට හෝ Interpreter එකට පවරා පැත්තකට වෙන්න පුළුවන්. මෙයට හොද උදාහරණයක් තමයි කියන්න යන්නේ.
බොහෝ Programming Languages වල ඔබට සිදු වෙනවා, Variable එකක් declare කරන්න එය භාවිතා කරන්න කලින්. ඒ වගේම ඔබට මෙම declare කිරීමේදී, Variable එකේ නම වගේම එහි type එකත් දෙන්න ඕනෑ කරනවා. Java Programming Language එකේදී මෙය ඉතා Complex ලෙස සිදුවෙනවා ඔබ සමහරවිට දන්නවා ඇති. Variable එක declare කරන ස්ථානය අනුව ඒවාට instance Variables, method Local Variables ලෙස නම් ලබා දීම පවා සිදු කර තියනවා.
public class jExample
{
int var01; //THis is a instance variable
public static void main(String[]args){
new jExample().exMethod();
}
void exMethod(){
var01 = 123;
double var02=12.32;// This is a method local variable
System.out.println("Values of Variables are "+var01+" and "+var02);
}
}
නමුත්, PHP වල එහෙම variable name එක සමග type එකක් ලබාදීමක්, මුලින්ම initialize කර පසුව භාවිතා කිරීම කොහෙත්ම අවශ්‍ය වන්නේ නැ. පහළ උදාහරණය බලන්න.
<?php $username = "James Lucas"; print_r($username); ?>
ඔබට පේනවා ඇති, initialize කරන විටම ඔබට value එකක් assign කිරීම කල හැකි බව.
Variable Naming එනම් Variables වලට නම් ලබා දිම, ඉතාම උවමනාවෙන් සිදු කිරීම වැදගත් වනවා, විශේෂයෙන්ම තරමක් පුළුල් Scripts ලිවීමේදී, මොකද අපි ලබා දෙන නම්, ඕනෑම programmer කෙනෙකුට කියවා අවබෝධ කරගැනීමට පුළුවන් කම තිබිය යුතුයි.
ඒවගේම , variable naming කිරීමේදී අනුගමන කල යුතු නීති කීපයක් තියනවා කියන එකත අමතක කරන්න එපා.
නිවැරදියි
වැරදියි
Variable Naming එනම් Variables වලට නම් ලබා දිම, ඉතාම උවමනාවෙන් සිදු කිරීම වැදගත් වනවා, විශේෂයෙන්ම තරමක් පුළුල් Scripts ලිවීමේදී, මොකද අපි ලබා දෙන නම්, ඕනෑම programmer කෙනෙකුට කියවා අවබෝධ කරගැනීමට පුළුවන් කම තිබිය යුතුයි.
ඒවගේම , variable naming කිරීමේදී අනුගමන කල යුතු නීති කීපයක් තියනවා කියන එකත අමතක කරන්න එපා.
- සෑම Variable එකක්ම නම් කිරීම $ (dollar Sign) ඒකෙන ආරම්භ කරන්න සිදුවනවා.
- Variable Name එකකට _ (underscore) , Letters හරි Numbers හරි ඇතුලත් විය හැකියි.
- Variable Name එක ආරම්භ විය යුත්තේ, _ හෝ Letter එකකින්,
- Case Sensitivity එක එනම්, Capital & Simple Letters වල භාවිතය ඉතා වැදගත්.
නිවැරදියි
$username = "James Lucas"; $_USERNAME = "Ben Hanz"; $_USER3Name = "Harin Akmal"; $USERName = 123.12;
වැරදියි
$3username = "James Lucas"; $+USERNAME = "Ben Hanz"; $=USER3Name = "Harin Akmal"; USERName = 123.12;
ඉහත උදාහරණ ඔබට ඉතා ප්‍රමාණවත් වෙතියි සිතනවා.

Comments
Post a Comment