Mathematical Operators වල භාවිතය ?

හොදයි, ටික දවසකට පස්සේ, අද මුලික PHP සිද්ධාන්ත කීපයක් ගැන කතා කරන්න හිතුවා, අපි මුලින් ම කෙටියෙන් කතා කරමු මොනවාද? එ කියල.



ඔබ දන්නව ඇති Mathematical operators ගැන. අපි  Mathematical operators Programming වල භාවිතා කරන්නේ ඇයි? ඔබ කියයි කිසියම් ගණිතමය ක්‍රියාවලියකට යම් අගයන් පිරිසක් ලක් කිරීමට කියල. ඔව්, එය ඇත්ත. ඕනෑම Programming Language එකක් පරිදිම PHP වලත් මුලික Mathematical Operators වර්ග කීපයක් තියනවා.

ඒවා තමයි, + එකතුව  , - අඩුකිරීම , * ගුණිතය , / බෙදීම  , % ඉතිරිය සෙවීම යන ඒවා. Programming ගැන මොනව හෝ දන්නා ඔබට මේවා විස්තර කිරීම අවශ්‍ය නොවන බව මම හිතනවා, නමුත් මම ඔබට ඉතා කෙටියෙන් මේවායේ භාවිතය ගැන කියන්න කැමතියි. පහත උදාහරණය සලකා බලන්න.

<?php
    
 $var_1 = 12;
 $var_2 = 13.212;

 echo $var_1+$var_2."answer";
 echo $var_1-$var_2."answer";
 echo $var_1/$var_2."answer";
 echo $var_1*$var_2."answer";
 echo $var_2%$var_1;
?>

Output :  25.212answer-1.212answer0.90826521344233answer158.544answer1

මේ උදාහරණ බල එම operators වලින් වන දෙය වටහා ගන්න උත්සහකරන්න.
 
වැදගත් දෙයක් තමයි, සැමවිටම, මේ Mathematical operators එකවර ලබාදීමේදී, ගණිතමය ක්‍රියාවලිය  සිදුවන අනුපිලිවල ගැන දන සිටීම වැදගත්. පහත උදාහරණයෙන් මුලින් කියපු operators වල precedence එක පැහැදිලිව දක්වන බව පෙනේවි.

<?php


 $var_1 = 35;
 $var_2 = 12;
 $var_3 = 2;
 $var_4 = 8;
 $var_5 = 10;
 
 echo $var_1+$var_2-$var_3;// + Operator First
 echo nl2br("  ");
 echo $var_1+$var_2*$var_3;// * Operator First
 echo nl2br("  ");
 echo $var_2/$var_3*$var_4;// / Operator Rirst
 echo nl2br("  ");
 echo $var_5%$var_4/$var_3;// % Operator First
?>

Output :  45 59 48 1

වරහන් එහෙම නැත්තම් Parenthesis භාවිතයෙන් මේ Operator Precedence එක අපට අවශ්‍ය පරිදි සකස් කරගන්න පුළුවන්. මොකද Parenthesis තුල සිදුවන සුලුකිරීම් මුලින් සිදු විය යුතු නිසා, Operator Precedence එක අතින් මුලින් සිටිය operators පවා පසු පසට යන බව පේනවා ඇති පහත උදාහරණයෙන්.

<?php


 $var_1 = 35;
 $var_2 = 12;
 $var_3 = 2;
 $var_4 = 8;
 $var_5 = 10;
 
 echo $var_5+($var_2-$var_3);// + Operator First
 echo nl2br("  ");
 echo ($var_1+$var_2)*$var_3;// * Operator First
 echo nl2br("  ");
 echo $var_2/($var_3*$var_4);// / Operator Rirst
 echo nl2br("  ");
 echo $var_5%($var_4/$var_3);// % Operator First
?>

Output :  20 94 0.75 2

ස්තුතියි!

Comments