හොදයි, අපි අද බලමු, PHP එක්ක type Casting කරන අකාරය. ඉස්සෙල්ලම, සරලින් Type Casting එකක් කියන්නේ මොකක්ද කියල බලමු.
මෙතන Type යන්නෙන් අදහස් වන්නේ data types බව මතක තබාගන්න. මොනවාද අපට සාමාන්‍ය වශයෙන් මුණ ගැසෙන data types. ඔව් ඔය කියන්නේ, Integer , Floating Point, Character සහ Boolean යන ඒවනේ. පරිගණක වැඩසටහන් කරනය විෂයක් වශයෙන් හදාරන ඔබට මේවා අමුතුවෙන් කියල දෙන්න අවශ්‍ය වන්නේ නැතිව ඇති නමුත් කාගේත් දැන ගැනීම පිණිස කියනවා නම්.
1. Integer - භාග හෝ දශම නොවන සංඛ්‍යා සදහා, PHP වල සිට ඔබට -2 බිලියන සිට +2 බිලියන වනතුරු ඔබට අඩංගු කල හැක.
2. Floating Point Number - මෙයට සියලුම සම්පුර්ණ අගයන් නොගන්න අගයන් ඇතුලත් වනවා. උදාහරණ ලෙස කියනවනම්, දශම සංඛ්‍යා.
3. Character - සරලින් කියනවනම් වචන.
4. Boolean - වැරදිද නිවැරදිද, 1 ද 0 ද යන භාවය.
පහල උදාහරණය බලන්න. මෙහිදී, Variables සහ එම එක එක Variable එකට assigne කර ඇති අගයන් සලකා බලන්න.
<?php $num2 = 24.34; $tof = TRUE; $num3 = 142; $final = $num3 + $num2 + $tof; echo "The next Value is ".$num2; echo "The next Value is ".$tof; echo "The next Value is ".$num3; echo "The Final Value is ".$final; ?>
පිටතට : The next Value is 24.34The next Value is 1The next Value is 142The Final Value is 167.34
මෙය සිදුවුණා අකාරය බලන්න. PHP විසිනි ස්වයංක්‍රීයවම අවසාන අගය ලෙස 167.34 ලබාදී තියනවා. මෙලෙස Floating Point Value එකක ලෙස අපේ Variables වල Data Type/ Size එක තීරණය කිරීමේ PHP සතු මෙම හැකියාව උදුරාගෙන අපට අවශ්‍ය වන ලෙස එය සකස් කර ගැනීම මෙලෙස Type Casting ලෙස සිදු කරනු ලබනවා.
එම උදාහරණය පහත ආකාරයට සලකා බලන්න.
<?php $num2 = 24.34; $tof = TRUE; $num3 = 142; $final = $num3 + $num2 + $tof; $num3 =(int)$final; echo "The next Value is ".$num2; echo "The next Value is ".$tof; echo "The next Value is ".$num3; echo "The Final Value is ".$num3; ?>
මුලදී, PHP වලින් ලබාදෙන Floating Point Data Type/Size සහිතව දශම අගයක් ලබාදෙන අපේ $final Variable එක, $num3 integer Variable එකට Cast කල විට, දැන් බලන්න අපුරුවට $num3, $final හි අගය integer අගයක් ලෙස return කරන හැටි. මෙයට හේතුව, වුනේ, අපි $final variable එක $num3 ලෙස අපි මුලින් 142 අගය store කල Variable එකට Type Cast කිරීමයි.
මෙතැනදී, Type Cast කිරීමට අප අනුගමනය කල ක්‍රියාපටිපාටිය වැදගත් වනවා.
ඉහත දැක්වෙන පරිදි , අප හැමවිටම දකුණු පස දැක්වෙන ( = ලකුණෙන් ) Variable එකේ අගය , වම් පස ඇති Variable එකේ ගබඩා කිරීම සිදු කල හැකි වනවා. පහත උදාහරණයත් බලන්න.
පිටතට : 1336.43234
1336
1
ඔබට පේනවා ඇති, $var0+$var1 වල අගය type cast කිරීමකින් තොරව return කරන්නේ, floating point අගයක් කියල. නමුත්, එය type Cast කල විට integer variable එකක් වන $var1 වලට එය integer අගයක් return කරනවා පේනවා ඇති.
තෙවෙනුව බලන්න, ඔබ $var3 ලෙස තියන boolean variable එකට $final assign කලාම ඔබට දෙන්නේ 1 හෝ 0 යන අගයන්ගෙන් එකක්. එනම් boolean Value එකක්.
විශේෂයෙන් කියන්න ඕන ඔබට ඕනෑම වෙලාවක ඔබේ variable එකේ type එක දැනගන්න, පහත ක්‍රමය අනුගමනය කරන්න.
අදට ඇති ස්තුතියි!
මෙතැනදී, Type Cast කිරීමට අප අනුගමනය කල ක්‍රියාපටිපාටිය වැදගත් වනවා.
$var1 = (int)$final;
ඉහත දැක්වෙන පරිදි , අප හැමවිටම දකුණු පස දැක්වෙන ( = ලකුණෙන් ) Variable එකේ අගය , වම් පස ඇති Variable එකේ ගබඩා කිරීම සිදු කල හැකි වනවා. පහත උදාහරණයත් බලන්න.
<?php $var0 = 12.43234; $var1 = 1324; $var2 = "Let's Do it"; $var3 = FALSE; $final =$var0+$var1; print_r($final."<br>"); $final=$var0+$var1; $var1 = (int)$final; print_r($var1."<br>"); $var3 = (boolean)$final; print_r($var3."<br>"); ?>
පිටතට : 1336.43234
1336
1
ඔබට පේනවා ඇති, $var0+$var1 වල අගය type cast කිරීමකින් තොරව return කරන්නේ, floating point අගයක් කියල. නමුත්, එය type Cast කල විට integer variable එකක් වන $var1 වලට එය integer අගයක් return කරනවා පේනවා ඇති.
තෙවෙනුව බලන්න, ඔබ $var3 ලෙස තියන boolean variable එකට $final assign කලාම ඔබට දෙන්නේ 1 හෝ 0 යන අගයන්ගෙන් එකක්. එනම් boolean Value එකක්.
විශේෂයෙන් කියන්න ඕන ඔබට ඕනෑම වෙලාවක ඔබේ variable එකේ type එක දැනගන්න, පහත ක්‍රමය අනුගමනය කරන්න.
var_dump($var);
අදට ඇති ස්තුතියි!

Comments
Post a Comment